2016/03/01

අපේ ෆර්ගසන් මිතුරියන් වෙත, අද දින උදෑසන අප '92 කණ්ඩායමේ නෙල්කා කුමාරි සොයුරිය අභාවප්‍රාප්තවී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි. දේහය කුරුවිට, මිල්ලවිටිය, ලෙල්ලගොඩ පාරේ ඇයගේ නිවසෙ තැන්පත් කර ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙමි.

2015/07/26

රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයීය 92 මිතුරු සංසඳයේ සියලුම සාමාජික මිතුරියන් වෙත කරන කාරුණික දැනුම් දීමයි. අප මිතුරු සංසඳයේ 2015 වසරේ සුහද හමුව 2015 අගෝස්තු මස 30 වන ඉරු දින පෙ. ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා ඇහැළියගොඩ රෝයල් සෙරමික් කර්මාන්ත ශාලාව පාරේ පිහිටා තිබෙන WHITE HOUSE හෝටලයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත. සාමාජික ඔබ සැමට සුහද ආරාධනා!
ආරධනාව පවුලේ අයටත් එක්කමයි.......................

  18th July 2013.   ( great day )

    Wish you all the success our Dear Madam Principal !


 








2014/07/10
අපේ කාලයේ අපේ අයට උසස් පෙළ විද්‍යා විෂයන් ඉගැන්වූ චන්දිමා මාරපන ගුරු මෑණියන්ගේ දයාබර පියාණන් කැනඩාවේදී අභාවප්‍රාප්ත වී ඇත. දේහය නො 84 ඥාණාලංකාර මාවතේ නිවසට  2014 /07/19 වැනි දින රැගෙන එන බවත් ආදාහනය 2014 ජූලි මස  20 වැනි ඉරු දින රත්නපුර පොදු සුසානාගාරයේදී සිදු කරන බවත් වැඩි විස්තර 045-2230377 අංකය ඇමතීමෙන් දැන ගත හැක.


                                                                                         2014/05/01
92 අපේ කට්ටිය සංවිධානය කරන ගුරු උපහාර උලෙල මැයි මස 04 වැනි දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පෙ.ව 9.00 ටපැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සදහා ගුරු මෑණිවරුන් 85 දෙනෙකුට ආරාධනා කර ඇති බවත් සියලු දෙනාටම දන් වා සිටී. 


Ferguson Past Pupils' Annual Get-together will be held on 2nd of March at School Main Hall from 9.00AM to 3.30PM.
Get-together 2014


2014/02/13

   
92 වසරේ සාමාජික ප්‍රියංගිකා ලියනගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික සුමිත් ගුණසේකර මහතා හදිසි අනතුරකින් අද  සවස 7.00 ට පමණ අභාවප්‍රාප්ත වූ බව කනගාටුවෙන් දැනුම් දෙන අතර භූමදාන කටයුතු  16 දින ප.ව 3.00 ට රත්නපුර ආදාහනගාරයේදී සිදු කරනවා.ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

පළමු දින අපේ හමුව

අතීතය සිහිනයක් පමණි - සැබෑ සුවදක් තියේ
2013/11/27
කළු අග්ගල පිහිටි අම්බලම තානායමේදී 2013/12/08 දින සුහද හමුව පැවැත් වීමට කටයුතු සූදානම් කලා.එදින උදේ 10.00 ට සියලුම දෙනාටම  ආරාධනා

 


Printfriendly